New PG Enterprises

Hi! Welcome to New PG Enterprises.

Help Center
Need help?
Call our product expert
+94 775407399

ඔයා ඔයාගේ වාහනයට ඇත්තටම ආදරය කරනවාද?

Share

Hello! ඔව් ඔයාට තමා මන් මේ කතා කරන්නේ.දැන් මේක කියවන ඔයාට.මට ඔයාගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

ඔයා ඔයාගේ වාහනයට ඇත්තටම ආදරය කරනවාද?

මම ඒකෙන් අදහස් කරේ ඔයා ඔයාගේ වාහනයට ඇත්තටම ආදරය කරනවා ඇති.ඒත් ඔයාගේ කාර්‍යබහුලත්වයත් එක්ක ඔයාට ඔයාගෙ වාහනේ ගැන අමතක වෙන්න පුලුවන්.ඔබේ ගමන ආරම්භයේ සිට ඔබේ ගමන අවසානය දක්වාම ඔයාගේ මාර්ගයේ ඔයාට ඉන්න විශ්වාසවන්තම සහයකයා වෙන්නේ ඔයාගෙ වාහනේ.ඒ නිසා ඔයාගෙ වාහනේ ගැනත් අමතක කරන්න එපා.ඔයාට පුළුවන් සෑම මොහොතකම ඔයාගේ වාහනය අගය කරන්න.

ඔයා එහෙම කරනවානම් ඔයා ගොඩක් වාසනාවන්තයි මොකද වැලන්ටයින් දිනය කියන්නේ ආදර වන්තයන් සහ ආදරවන්තියන් සදහාම වෙන් වුනු දිනයක්ම නෙමේ. ඔයාට අවශ්‍ය සෑම මොහොතකම ඔයාගේ ලගින්ම ඉන්න ඔයාගේ ආදරනීය වාහනයටත් ඔයාගේ ආදරය පෙන්වන්න ඒක හොද අවස්ථාවක්.

ඔයා SUV රතයක්, ට්‍රක් රතයක් හෝ යතුරු පැදියක් යන කුමන ආකාරයේ වාහනයක් පදවාගෙන ගියත් මේ වැලන්ටයින් දිනයේදී ඔයා ඔයාගේ වාහනයට විශේෂ ආදරයක් දක්වන්න ඒ වගේම ඒ දේ ඔයාට කරන්න මේ article එක ඔයාට ලොකු උදව්වක් වෙයි.

මම මේ article එකෙන් ඔයාගේ වාහනයට මේ වැලන්ටයින් දිනයේ ආදරය දක්වන්නේ කොහොමද කියලා කරුණු කීපයකින් පැහැදිලි කරන්නම්.

ඉතින් ඔයත් ඔයාගේ වාහනයට ආදරය කරන්න සූදානම් ද? එහෙනම් අපි පටන්ගනිමු

🚗 වාහනය හොදින් සෝදාගෙන් wax කිරීම

ඔයා ඔයාගේ වාහනය නිතිපතා සේදීමෙන් සහ wax කිරීම මගින් වාහනයේ අභ්‍යන්තරයට හානි කරන්න පුළුවන් අපිරිසිදු දූවිලි ලුණු සහ අනෙකුත් හානිකර දේවල් වලින් ඔයාට ඔයාගේ වාහනය ආරක්ෂා කරගන්න පුළුවන් ඒනිසා මේ වැලන්ටයින් දවසේදී ඔයත් ඔයාගේ වාහනය හොදින් සෝදා wax කරන්න.ඔයාට ඒක තනියෙම කරන්න අපහසුතා ඇත්නම් ඔයාගේ වාහනය vehicle service center එකකට දාන්න. මේ ඕනෑම ආකාරයකින් ඔයාගේ වාහනයට අලුත් පෙනුමක් ලබාදෙන්න ඔයාට හැකියාව තියෙනවා.

🛢️ ඔබේ වාහනයේ oil පිලිබදව නිතරම සැලකිලිමත් වන්න.

ඔයාගේ වාහනයේ oil අපි නිතරම check කරන්න ඕනි දෙයක්.මොකද වාහනයේ එන්ජින් එක,බ්‍රේක්,මේ හැම පද්ධතියටම oil බලපානවා.ඒ නිසා අපි වාහනයක් භාවිතා කරද්දි ගොඩක්ම සැලකිලිමත් විය යුතු දෙයක් තමා oil කියන්නේ.වාහනයේ coolent වැනි oil මාරු කිරීමෙන් අපට ආරක්ශාකාරී රිය පැදවීමක් වගේම වාහනේ කාර්‍යක්ශමතාවය යන දේවලුත් අපිට පවත්වා ගන්න පුලුවන්.

🎇 Filters නැවත ස්ථාපිත කරන්න.

ඔයා දන්නවාද ඔයාගෙ වාහනේ තියෙන filters ඔයාගේ වාහනේ කාර්‍යක්ශමතාව සහ යහපැවැත්ම සදහා වැදගත් වෙන බව.ඒ filters මගින් ඔයාගෙ වාහනයට ඇතුලු වෙන වාතය, ඉන්ධන සහ අපද්‍රව්‍ය වලින් වාහනයට සිදු වෙන හානි බොහොමයක් වලක්වනවා.ඒ වගේම මේ filters කාලයත් සමග අපිරිසිදු හා විවිධ අපද්‍රව්‍ය නිසා අවහිර විමේ හැකියාවක් තියෙනවා.ඒ නිසා මේ වැලන්ටයින් දිනයේදී ඔබේ වාහනය සහ ඔබේ වාහනයේ තියෙන Air filter, Oil filter, Petrol filter, Interior air filter යන මේ filters අපිරිසිදු හෝ යම් අවහිර වීමකට ලක් වෙලා නම් ඒවා නැවත replace කරන්න.

🎱 ඔබේ වාහනයේ ටයර් හොදින් පරීක්ෂාවට ලක් කරන්න.

ඔයාගෙ වාහනේ ටයර් කියන්නේ ඔයාගෙ වාහනෙයි මාර්ගයයි සම්බන්ධ කරන වැදගත්ම උපාංගයක්.ඒ වගේම ටයර් මගින් ඔබේ වාහනයේ ආරක්ශාව වගේම මනාව වාහනය හැසිරවීම, සුවපහසුව යන විවිධ පැතිකඩයන්ගෙන් වාහනයට වැදගත් කාර්‍යක් ඉටු කරනවා.අපි දිගු කාලයක් ටයර් භාවිතා කිරීමෙන් ටයර් දිරාපත් වෙන්න පුලුවන්. ඒ වගේම ටයර් වල තියෙන පීඩනය අඩු වීමෙන් වාහනයට වගේම ඔබටත් අනතුරු සිදු වීමෙ ඉඩකඩ වැඩියි.ඒ නිසා මේ වැලන්ටයින් දිනයේදී ඔබේ වාහනයේ ටයර් නිතිපතා පරීක්ශා කර ඒවා අවශ්‍ය ලෙස මාරු කරමින් ඒ මගින් වාහනයට සිදු විය හැකි අනතුරු වලක්වා ගන්න.

☑️ ඔබගේ වාහනයේ සෑම උපාංගයක්ම නිසි කලට පරීක්ෂාවට ලක් කරන්න.

ඔබේ වාහනයේ උපාංග තිබෙන්නේ අලංකාරත්වයට පමණක්ම නොවේ.ඒ මගින් ඔබේ වාහනයේ ක්‍රියාකාරිත්වය තීරණය වෙනවා.ඔබට අවශ්‍ය ආකාරයට ඔබේ වාහනයෙ උපාංග මොඩිෆයි කරන්න පුලුවන්.ඒ වගේම ඔයාට ඔයාගෙ වාහනේ lights,wiper වගේ උපාංග මොඩිෆයි කරන්න පුලුවන්.මේ වැලන්ටයින් දිනයෙදී ඔයාගෙ කැමැත්තට ගැලපෙන විදියට ඔයාට ඔයාගෙ වාහනයේ උපාංග වැඩිදියුණු කරන්න පුලුවන්.ඒ මගින් ඔබට ඔබේ වාහනයට නව පෙනුමක් ලබා දීමට ඔබට හැකියාව තිබෙනවා.

New PG Enterprises වෙත පිවිසෙන්න.

ඇත්ත වශයෙන්ම මෙම වැලන්ටයින් දිනයේදි ඔබේ වාහනයට ආදරය පෙන්වීමට ඇති හොදම ක්‍රමය වන්නේ ශ්‍රී ලකාවේ ව්ශාලතම සහ වඩාත් විශ්වාසදායකම වාහන අමතර කොටස් සාප්පුව වන New PG Enterprises ආයතනය වෙන පැමිණීමයි.අප ආයතනය 2000 වසරේ සිට ව්‍යාපාරයේ යෙදී සිටින අතර ඉහලම ගුණාත්මක බවින් යුතු නිශ්පාදන අපගේ ගැනුම්කරුවන් වෙත බෙදාහැරීම අපගේ එකම අරමුණයි.

ඔබගේ වාහනයට අවශ්‍ය සියලුම අමතර කොටස් අප සතුව ඇති අතර ඔබගේ කාලය සහ ශ්‍රමය ඉතුරු කරගනිමින් ඔබගේ වාහනය අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය සියලුම වාහන අමතර කොටස් ඉහල වට්ටම් සමග පිරිනැමීමට New PG Enterprises අපි සූදානම්න්.

Happy Valentine’s Day from New PG Enterprises!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Call Now

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close