New PG Enterprises

Hi! Welcome to New PG Enterprises.

Help Center
Need help?
Call our product expert
+94 775407399

ඔබටත් ඔබේ වාහනයේ ඉන්ධන දහනය පිලිබදව නිවැරදි වැටහීමක් නැතිද?නිවැරදි ක්‍රම අනුගමනය කිරීම තුලින් ඉන්ධන කාර්යක්ෂමතාවය මනා ලෙස කළමනාකරණය කරමු.

Share

මේ ගෙවෙන්නේ අපි හැමෝටම අමාරු කාලයක්.ඉතින් මේ අමාරු කාලයේදී අපි අපේ වාහනය වගේම අපේ වාහනය වෙනුවෙන් කොපමණ ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවද කියලත් අපි සැලකිලිමත් වෙන්න ඕන.අපේ නොදැනුවත්කම නිසාම අපේ වාහනයේ අනවශ්‍ය විදියට ඉන්ධන දහනය වෙන්න නොදී ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා තමා අද අපි මේ Article එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ.ඔයාලත් මේ Article එක කියවලා මේ අමාරු කාලයේදී ඔයාලගේ වාහනයෙන් අනවශ්‍ය විදියට ඉන්ධන දහනය වෙන්න බලපාන හේතු මොනවද? එසේ අනවශ්‍ය විදිහට ඉන්ධන දහනය වෙන්න නොදී වාහනයේ ගමන් කරන විට අපිට භාවිතා කරන්න පුළුවන් සරල ක්‍රම මොනාද? ඒ මගින් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කරගන්නේ කොහොමද? යන දේවල් පිලිබදව ඔයාලට පුළුල් දැනුමක් ලබාගන්න පුළුවන්.

🚗 වාහනයට සරිලන වේගයකින් ධාවනය කරන්න:

ඔබගේ වාහනය ස්ථාවර වේගයකින් ධාවනය කරන්න.මොකද අපි අපේ වාහනයේ වේගය වෙනස් කරද්දී එන්ජිම මගින් බලය යොදන හින්දා ඉන්ධන වැඩියෙන් පිච්චෙනවා.ඒ වගේම අපි වාහනය අනවශ්‍ය විදියට නිතර බ්‍රේක් ගැසීමෙනුත් අපේ වාහනයේ ඉන්ධන අපතේ යනවා.ඒ නිසා වාහනයට උචිතම වේගය 60kmph වේගෙයෙන් වාහනය පැදෙවුවොත් අපිට වාහනයේ අනවශ්‍ය විදියට තෙල් පිච්චෙන එක වලක්වා ගන්න පුලුවන්.

⚙️ ඔබගේ පාදයට විවේකයක් දීමට පෙර සිතා බලන්න:

බහුතරයක්ම කරන ලොකුම වැරදි වැඩක් තමා බ්‍රේක් පැඩල් එකේ කකුල රෙස්ට් එකේ තියන් යන එක.ඔයාලා දන්නැති උනාට අපි කකුලට රෙස්ට් එකක් දෙන එකෙන් අපේ වාහනයේ ඉන්ධන දහනය වෙන එක තවත් වැඩි වෙනවා.ඒ හින්දා කකුලට රෙස්ට් එකක් දෙන්න කලින් මේ දේවල් ගැනත් අවධානය යොමු කරොත් අපිට අපේ වාහනයේ ඉන්ධන කාර්‍යක්ෂමතාව වැඩි කරගන්න පුලුවන්.

🚦කලර් ලයිට් එකේදී භාවිතා කළ යුතු තත්පර 30 නීතිය :

අපි මාර්ගයේ ගමන් කරන විට කලර් ලයිට් වල සමහරවිට මද වේලාවක් රැදී සිටීමට සිදු වෙනවා.අපිට කලර් ලයිට් එකේ තත්පර 30කට වැඩි කාලයක් රැදී සිටීමට සිදු වෙනවානම් අපිට පුලුවන් අපේ වාහනය ක්‍රියා විරහිත කරන්න.තවත් වැදගත් දෙයක් තමා අපිට කලර් ලයිට් එකේ රැදී සිටීමට සිදු වන්නේ තත්පර 30කට අඩු කාලයක් නම් වාහනය start එකේම තියන්න.මොකද නැත්නම් තත්පර 30කට අඩු කාලයකට අපි අපේ වාහනය ක්‍රියා විරහිත කරොත් ඒක ආයෙත් start කරන්න අනවශ්‍ය විදියට තෙල් වැය වෙන නිසා.ඒ නිසා අපිට කලර් ලයිට් එකේදී තත්පර 30ක් හෝ ඊට වැඩි කාලයක් රැදී සිටීමට සිදු වුවහොත් අපගේ වාහනය ක්‍රියා විරහිත කිරීමෙන් අපිට ඒ කාලය ඇතුලත දහනය වීමට තිබූ ඉන්ධන ප්‍රමාණය වලක්වා ගන්න පුලුවන්.

🚀 වාහනයේ ටයර් සහ ටයර් පීඩනය අවශ්‍ය ප්‍රමාණයට තිබේදැයි නිවැරදිව පරීක්ෂා කරන්න:

අපි වාහනයක් පදවනකොට සලකලා බලන්න ඕන වීශේෂම කාරණාවක් තමයි අපේ වාහනයේ ටයර් සහ ඒ ටයර් වලට අවශ්‍ය හුලං සරිලන ප්‍රමාණයකට තියෙනවද කියන එක.ටයර් වල හුලං අවශ්‍ය ප්‍රමාණයට නැති උනොත් වාහනය ධාවනය කරන්න එන්ජිම විසින් යොදවන්න ඕන බලය වැඩියි.ඒ නිසා ඉන්ධන දහනය වෙන ප්‍රමාණයත් වැඩියි.අවශ්‍ය වෙලාවට වාහනයට ගැලපෙන ටයර් සහ ටයර් වලට සරිලන විදියට හුලං ගැසීමෙන් ටයර් වලට සිදු වෙන හානි වගේම අනවශ්‍ය විදියට ඉන්ධන දහනය වෙන එකත් වලක්වා ගන්න පුලුවන්.

⛽️ වාහනයට සරිලන ප්‍රමාණයට පමණක් බර පටවන්න:

අපි අපේ වාහනයට ලොකු බරක් පැටෙවුවොත් ඒ බර නිසා වාහනය ධාවනය කරන්න ලොකු ශක්තියක් වැය කරන්න වෙනවා.ශක්තිය වැය කරන්න නම් අනිවාර්යයෙන්ම ඉන්ධන දහනය කරන්න වෙන ප්‍රමාණය වැඩියි.ඒ නිසා වාහනයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බර පැටවීමෙන් අපට ඉන්ධන කාර්‍යක්ශමතාවය වැඩි කරගන්න පුලුවන්.

🍀 AC යන්ත්‍රය භාවිතා කිරීමේදී නිවැරැදි ක්‍රම අනුගමනය කිරීමට වග බලාගන්න:

අපිට වාහනේ ගමන් කරද්දී AC අවශ්‍ය උනත් ඒක අතවශ්‍යම වන්නේ අපිට අධික උනුසුමක් තියෙන කාල පරාසයකදී විතරයි.ඒත් අපිට අපේ වාහනේට sun visor, Air cooling system වගේ පොඩි ගැජට් ටිකක් භාවිතා කරන්න පුලුවන් නම් අපිට වාහනයේ ගමන් කරද්දී ඇති වන් උශ්ණත්වය ටිකක් හරි පාලනය කරගන්න පුලුවන්.ඒ වගේම අපිට door glass එක ව්වෘත කරගෙන ගමන් කිරීමෙනුත් මදක් හෝ උශ්ණත්වය අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා.වාහනයක ඉන්ධන වැඩියෙන්ම දහනය වෙන විදියක් තමා මේ Ac එක.ඒ නිසා වාහනයේ ගමන් කරද්දී ඉන්ධන වැඩියෙන් දහනය වන මෙවැනි දේවල් ගැන දැනගෙන සිටීමෙන් අපට ඉන්ධන කාර්‍යක්ශමතාව වැඩි කරගන්න පුලුවන්.

🦋 වාහනය නිසි කලට නිවැරදිව නඩත්තු කරන්න:

අපි අප භාවිතා කරන වාහනය නිසි වේලාවට නිසි අයුරින් නඩත්තු කළ යුතුයි.වාහනයේ නඩත්තු කටයුතු නිසි අයුරින් සිදු නොකිරීම නිසා වාහනයේ නොයෙකුත් දෝශ ඇති වෙන්න පුලුවන්.වාහනයක සෑම කොටසක්ම එකිනෙකට සම්බන්ධයි.එක කොටසක හෝ යම්කිසි දෝශයක් හට ගත්තොත් සියල්ලේම කාර්‍යක්ශමතාවය අඩු වීමේ අවධානමක් තියෙනවා.ඒ නිසා හරි වෙලාවට වාහනය සර්විස් එකට දැම්මොත් අපිට වාහනයට සිදු විය හැකි හානි වගේම ඉන්ධන දහනය වීමත් වලක්වා ගැනීමේ හැකියාව පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Call Now

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close